Thursday, April 18, 2024

General line - 0115112241

ලොව වැඩිම පිරිසක් සොයා ඇත්තේ ‘‘ශ‍්‍රී ලංකාව’’ - හේතුව මෙන්න




2019 වසරේ මේ දක්වා කාලය තුළ ‘‘ගූගල් සර්ච්’’ ඔස්සේ ලොව වැඩිම පිරිසක් පිරික්සුම් සිදුකර ඇති වචනය ‘‘ශ‍්‍රී ලංකාව’’ බව අනාවරණ වී තිබෙනවා. 

ඒ, අමෙරිකාව විසින් සිදුකළ සමීක්ෂණයකට අනුවයි.

"Published of Google Trends" නමැති මෙම සමීක්ෂණයට අනුව ඉකුත් අපේ‍්‍රල් මාසයේදී ලොව බොහෝ දෙනෙකු ශ‍්‍රී ලංකාව ඇත්තේ කොහේද යන්න ගූගල් හරහා පිරික්සා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස වැඩිම පිරිසක් අපේ‍්‍රල් මාසය තුළ ශ‍්‍රී ලංකාව සෙවීමට හේතුවී ඇත්තේ එම මාසයේදී එල්ල වූ පාස්කු ඉරුදින ප‍්‍රහාරය බව ද එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.  

‘‘Published of Google Trends’’ සමීක්ෂණයට අනුව ශ‍්‍රී ලංකාවෙන් පසුව ලොව වැඩිම පිරිසක් ගූගල් හරහා පිරික්සුම් සිදු කළ වචන වන්නේ වසරේ හොඳම පන්දු යවන්නා සහ අමෙරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ පිහිටි රහස්‍ය ප‍්‍රදේශයක් වන ඒරියා 51 කලාපයයි.