Saturday, April 20, 2024

General line - 0115112241

ධනංජයගේ ශතකයෙන් පසු පිත්ත පාකිස්ථානයට




සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 06 වන ශතකය වාර්තා කිරීමට ධනංජය ද සිල්වා අද (15) සමත්වුණා. ඒ, සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමග රාවල්පින්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි.

ඒ අනුව රාවල්පින්ඩි පිටියේදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ දෙවන ශ‍්‍රී ලාංකික පිතිකරුවා ලෙස ධනංජය ද සිල්වා මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා. මීට පෙර එම කී‍්‍රඩාංගනයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙවැනි දස්කමක් දක්වා තිබුණේ අරවින්ද ද සිල්වායි. 

තරගයේ 05 වන දිනය වූ අද ධනංජය ද සිල්වා ශතකය වාර්තා කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිටවනු ලැබුවා. ඒ, කඩුළු 06 කට ලකුණු 308 ක් රැස් කර සිටියදීයි.

එහිදී ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 102 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 59 ක් රැස්කිරීමට සමත්වුණා.

සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන පාකිස්තානු කණ්ඩායම මීට නෙබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 46 ක් ලබා සිටියා. 2009 වසරේදී ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ද මෙයයි.