Thursday, April 25, 2024

General line - 0115112241

රට අවලස්සන කරන කුණුවලටත් තරුණයෙක් විසඳුමක් දෙයි (PHOTOS)




පෝස්ටර්වලින් අවලස්සන වී ඇති තාප්පවල තරුණ - තරුණියන් සිතුවම් නිර්මාණය කරද්දී රට ලස්සන කරන්න වෙහෙසෙන තවත් තරුණයෙකු පිළිබඳ නෙත් ගුඞ් නිවුස් විශේෂාංගයෙන් අද (16) අනාවරණ කරනවා.

කැළි - කසළ රට අවලස්සන කරනවා සේම මේ වනවිට දැඩි පාරිසරික ගැටලුවක් බවට ද පත් වී අවසන්. ගම්පොළ විකුම් සම්පත් මේ උත්සාහ දරන්නේ රටටම ප‍්‍රශ්නයක් වී ඇති කැළි - කසළ වෙනුවෙන් විසඳුමක් සෙවීමටයි. 

ඔහු මේ වනවිට නිර්මාණය කර ඇත්තේ ජංගම කසළ ප‍්‍රතිචකී‍්‍රකරණ යන්ත‍්‍රයක්. ඒ, කැළි - කසළ මාතෘකාවේදී මතකයට එන දුර්ගන්ධයට ද අපූරු විසඳුමක් ලබා දෙමින්.

පැමිණි අභියෝග හමුවේ නොසැලී සිය අරමුණ ජය ගනිමින් රටේත් සමාජයේත් යහපත වෙනුවෙන් කැප වී කටයුතු කරන ගම්පොළ විකුම් සම්පත් වැනි තරුණයින් රටටම ආදර්ශයක්. අද, නෙත් සතුටු සඳුදාවෙන් අගය කරන්නේ ද ඔවුන්ගේ දක්ෂතාවයයි.