Wednesday, April 24, 2024

General line - 0115112241

"පරාජය වුණේ සජිත් නොවේ - එජාපෙ වත්මන් මුහුණුවරයි"



ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ලැබූ පරාජය ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මත පමණක් පැටවීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

එක්සත් ජාතික පෙරමුණේ සිංහල ඡන්ද පදනම අඩුවී ඇතැයි ජනාධිපතිවරණයට පෙර සිටම බොහෝ දෙනා දැන සිටි බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ. ජනාධිපතිවරණයේදී සත්‍ය ලෙසම පරාජය වූයේ සජිත් පේ‍්‍රමදාස නොව එක්සත් ජාතික පෙරමුණේ වත්මන් මුහුණුවර බවද මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.

මෙම අදහස් පළ කෙරුණේ ඊයේ (19) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.

ඉදිරි මහ මැතිවරණයේදී අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගැනීමට නම් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයද තමන් වෙත ලැබිය යුතු බවට හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගි වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.