Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දීය ප්‍රීමියර් ලීගයට ඉසුරු උදාන, ලසිත් මාලිංග ශ්‍රී ලංකාවෙන්




ලබන වසරේ පැවැත්වෙන IPL කි‍්‍රකට් තරගාවලියට අදාළ කී‍්‍රඩක වෙන්දේසිය ඉන්දියාවේ කොල්කටා නුවරදී ඊයේ පැවැත්වුණා. එහිදී වැඩිම මිලකට අලෙවි වූයේ ඔස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන කී‍්‍රඩක පැට් කමින්ස්. ඔහු ඉන්දීය රුපියල් ළැක්සැ 1550කට ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. IPL ඉතිහාසයේ කී‍්‍රඩකයෙකු සඳහා හිමිවූ ඉහළම වටිනාකම ද මෙයයි. 

එහිදී පැට් කමින්ස්ට හිමිවූ වටිනාකම ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 40 කට ආසන්න වනවා. 

මෙවර IPL කී‍්‍රඩක වෙන්දේසිය සඳහා කී‍්‍රඩකයින් 997 දෙනෙකු ලියාපදිංචි වි සිටි අතර ඉන් කී‍්‍රඩකයින් 332 දෙදෙනෙකු පමණක් ඊයේ පැවැති කී‍්‍රඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණා. 

ඒ අතරට ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් ජනිත් සහ ඉසුරු උදාන ඇතුළු ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් 14 දෙනෙකු ද ඇතුළත්ව සිටියා.

කෙසේවෙතත් ඊයේ පැවැති කී‍්‍රඩක වෙන්දේසියේදී අලෙවි වූයේ ඉසුරු උදාන පමණයි. ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට විරාත් කෝලි නායකත්වය දරණ  රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. 

මෙවර IPL කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම කී‍්‍රඩකයින් පිරිසක් අලෙවි වූයේ ඔස්ටේ‍්‍රලියාවෙන්. එක් එක් කණ්ඩායම් ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයින් 12 දෙනෙකු එහිදී මිලදී ගනු ලැබුවා. 

එංගලන්තයෙන් කී‍්‍රඩකයින් 07 දෙනෙකු, බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩකයින් සිව්දෙනෙකු, දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයින් 03 දෙනෙකු IPL කී‍්‍රඩක වෙන්දේසියේදී අලෙවි වුණා. 

මෙම කී‍්‍රඩක වෙන්දේසියේදී නවසීලන්තයෙන් සහ ශ‍්‍රී ලංකාවෙන් එක් කී‍්‍රඩකයෙකු බැගින් පමණක් අලෙවි වීම විශේෂත්වයක්. 

ඒ අනුව මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේදී ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටත් ඉසුරු උදාන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩාමටත් කී‍්‍රඩා කරනු ඇති. 

අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 01 වනදා ආරම්භ වනවා.