Friday, April 26, 2024

General line - 0115112241

මුහුදෙන් මතුවූ නිධානය (PHOTOS)

ජුඩ් සමන්ත




අසීමිත පරා මාළු අස්වැන්නක් නෙලා ගැනීමට මාරවිල, තල්විල වැල්ල ධීවරයින් සමත්ව තිබෙනවා. තල්විල වැල්ල ධීවරයින් විසින් මුහුදේ එළා තිබූ මා දැල් 04 කට මෙම පරා මාළු අසුවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

කිලෝග්‍රෑම් 08 සහ 10 ත් අතර පරා මාළු කූරින් 10,000කට ආසන්න ප්‍රමාණයක් මෙම මා දැල් වලට හසුවී ඇති බවයි ධිවරයින් සඳහන් කරන්නේ.

මිට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට අසීමිත පරා මාළු අස්වැන්නක් මාරවිල, තොඩුවාව ප්‍රදේශයේ ධීවරයින්ගේ මා දැල් වලට හසුවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කලේ.