Thursday, April 25, 2024

General line - 0115112241

පකිස්ථානය හමුවේ චන්දිමාල් පිත්තෙන් දස්කම් දක්වයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රිඩා කළ පාකිස්තාන කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 57 ක් රැස් කර ගෙන සිටියා. ඒ අනුව කඩුළු 10 ක් අතැතිව පාකිස්තානය අද (20) දිනය නිමා වනවිට රැදීසිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23 ක් පිටුපසින්.

පකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 191 කට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 271 ක් රැස් කළා.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද මැද පෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු 74 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. පන්දු 147 කට මුහුණදුන් චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් වුණා. ඔහුට අනගි සහයක් ලබාදුන් ඩිල්රුවන් පෙරේරා ලකුණු 48 ක් රැස් කළා. තරගය පැවැත්වෙන්නේ කරච්චිහිදීයි.