Tuesday, April 23, 2024

General line - 0115112241

ජාතික මල්ලව පොර ශූරතා තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසීරුතාවක - සංගමයෙනුත් උත්තරයක්




2019 ජාතික මල්ලවපොර ශූරතා තරඟාවලියේදී ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අපහසුතාවයට පත් වූ පුවතක් නෙත් ස්පොර්ට්ස්මන් වෙත වාර්තා වනවා. මෙම තරඟාවලියේ විශේෂ අවස්ථා වීඩියෝගත කිරීමට කණ්ඩායමක් නොමැති බවයි වාර්තා වුණේ. එමෙන්ම මල්ලවපොර ශූරතා තරඟාවලියට එක්ව සිටින ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට සිය තරඟවල කාල ගණනයන් බලා ගැනීමට අවස්ථාව සලසා දී නොමැති බව ද වාර්තා වනවා.

ඇතැම් පාර්ශව චෝදනා කළේ ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනය මෙම තරඟාවලිය පාසල් ක්‍රීඩා උළෙලක් ලෙසින් සංවිධානය කර ඇති බවයි. එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් ස්පොර්ට්ස්මන් ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයෙන් විමසුමක් කළා. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ එහි ලේකම් එම් ඒ සී කේ මල්ලවආරච්චි.

ටොරිංටන් ගෘහස්ත ක්‍රීඩාංගණයේ අද ආරම්භ වූ 79 වන ජාතික මල්ලවපොර ශූරතා තරඟාවලිය අනිද්දා දක්වා පැවැත්වෙනු ඇති.