Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 476 ක ඉලක්කයක්




සත්කාරක පකිස්තානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 476 ක ඉලක්කයක් හිමිවුණා. ඒ, පකිස්තානු කණ්ඩායම සිය දෙවෙනි ඉනිම කඩුළු 03 ක් දැවී ලකුණු 555 කට අත්හිටුවීමත් සමගයි.

පකිස්තානු දෙවෙනි ඉනිමේදී ශතක 04 ක් වාර්තාවීම කැපී පෙනුණා. ශාන් මසූද්, අබීඞ් අලී, අසාර් අලී සහ බාබර් අසාම් මෙහිදී ශතක වාර්තා කළා. ටෙස්ට් ඉනිමක මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනෙකු ශතක වාර්තා කළ දෙවන අවස්ථාව මෙය වනවා. මීට පෙර 2007 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ඉන්දීය කණ්ඩායමේ දිනේෂ් කාර්තික්, වසීම් ජෆර්, රාහුල් ඩ්‍රාවිඞ් සහ සචින් ටෙන්ඩුල්කාර් මෙම දස්කම දක්වා තිබුණා.

ලකුණු 476 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා මීට නොබෝ වේලාවකට පෙර කඩුල්ලක් දැවී ලකුණු 39 ක් ලබාසිටියා. තරගය පැවැත්වෙන්නේ කරච්චි ජාතික ක්‍රීඩාංගනයේදීයි.