Friday, March 29, 2024

General line - 0115112241

පාකිස්ථානයට එරෙහි ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව අවදානම් අඩියක




පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට පත්ව තිබෙනවා. ඒ, තරඟයේ සිව්වන දිනය වන අද (22) දිනය නිමා වනවිට ලකුණු 212 කට කඩුලු 07 ක් බිඳ වැටීමත් සමගයි. තරඟය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළට හිමි වූ ඉලක්කය ලකුණු 476 ක්. ඒ අනුව හෙට දිනය තුළ කඩුලු 03 ක් අතැතිව ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 264 ක් ලබාගත යුතුයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය පළමු ඉනිමට ලකුණු 191 ක් රැස් කළ අතර දෙවන ඉනිම කඩුලු 03 කට ලකුණු 555 ක් ව තිබියදී අත්හිටවූවා. පාකිස්ථාන දෙවන ඉනිමේ පළමු පිතිකරුවන් සිව්දෙනාම ශතක රැස් කරගැනීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 271 යි.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වන ඕෂධ ප්‍රනාන්දු අද දිනය නිමා වනවිට නොදැවී ලකුණු 102 ක් රැස් කරගෙන සිටියා. ඒ, ඔහුගේ මංගල ටෙස්ට් ශතකයයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 65 ක් රැස් කළා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 19 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 16 ක් රැස් කළ ද සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 05 සීමාවවත් පසු කර යාමට හැකි වූයේ නැහැ.

එහිදී කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුණු නොලබා දැවී ගියා. කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟයේ අවසන් දිනය හෙටයි.