Thursday, April 25, 2024

General line - 0115112241

ජයසූරියගේ වාර්තාවක් රෝහිත් ශර්මා බිඳ හෙලයි




වසර 22 කට පෙර ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය පිහිටුවා තිබූ ජාත්‍යන්තර කි‍්‍රකට් වාර්තාවක් බිඳහෙලීමට ඉන්දියාවේ රෝහිත් ශර්මා සමත්වී තිබෙනවා.

1997 වසරේදී සනත් ජයසූරිය මෙම වාර්තාව බිහිකළේ ආරම්භක පිතිකරුවෙකු ලෙස වසරක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩාකයා බවට පත්වෙමින්.

එහිදී ඔහු ටෙස්ට් සහ එක්දින තරග 37 කදී ලකුණු 2,387 ක් රැස්කර ගෙන තිබුණා. මේ වසරේදී රෝහිත් ශර්මා එම වාර්තාව බිඳහෙලන්නේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරග 47 කදී ලකුණු 2,442 ක් රැස්කර ගනිමින්. 

මේ අතර මෙම වසර තුළ එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයා බවට ද ඉන්දියාවේ රෝහිත් ශර්මා පත්ව තිබෙනවා. ඒ, තරග 28 කදී ලකුණු 1,490 ක් රැස්කර ගනිමින්.

තරග 16 කදී ලකුණු 646 ක් රැස්කළ කුසල් ජනිත් පෙරේරා එම පිතිකරු සටහනේ පසුවන්නේ 29 වන ස්ථානයේයි.