Tuesday, April 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අසාර්ථකත්වය තුළින් පාකිස්ථානය වසර 10කට පසු සුපිරි ජයක් වාර්තා කරයි




වසර 10 කට පසු සිය මව් රටේදි ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (23) සමත්වුණා.

ඒ, ශ‍්‍රී ලංකා පිළ ලකුණු 263 කින් පරාජය කරමින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 191 ක් රැස්කළ අතර ශ‍්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 271 ක් රැස්කළා.

පාකිස්තානය සිය දෙවන ඉනිම වාර්තාගත ලෙස අවසන් කළේ කඩුළු 03කට ලකුණු 555 ක් රැස්කර ගෙන සිටියදීයි.

ඒ අනුව ශ‍්‍රී ලංකාවට තරගයේ ජයග‍්‍රහණය සඳහා හිමිවු ඉලක්කය ලකුණු 476 ක්. එහෙත්, ශ‍්‍රී ලංකා පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 212 ක් පමණයි. එහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ  ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 102 ක් රැස්කළා. ශී‍්‍ර ලංකා පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු නොලබා දැවී යාමද විශේෂත්වයක්.

කිසිඳු ලකුණුක් ලකුණු පුවරුවට එක්නොවී ශ‍්‍රී ලංකා පිළේ අවසන් කඩුළු 04 බිඳවැටුණා. 

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු එරට පැවැති පළමු ටෙස්ට් තරගාවලිය මෙයයි. එය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත්වුණා.