Thursday, March 28, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ළඟ එන සංචාරයක වෙනසක්




ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සිම්බාබ්වේහි පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය වෙනස් කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

මෙම තරගාවලිය වෙනුවට ශී‍්‍ර ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සහභාගි වන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියක් සංවිධාන කිරීමටයි සාකච්ඡා කෙරෙමින් තිබෙන්නේ.

එසේ වුවහොත් සිම්බාබ්වේ කණ්ඩායමට තවත් මාස 11ක් යන තෙක් කිසිදු ටෙස්ට් කි‍්‍රකට් තරගයක් ලැබෙන්නේ නැහැ.

ඔවුන් අවසන් වරට ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් සඳහා සහභාගි වී ඇත්තේ 2014 වසරේදී බංග්ලාදේශය සමගයි.