Saturday, April 20, 2024

General line - 0115112241

වසරේ අවසන් ටෙස්ට් තරග දෙකේ ජය දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාවට හිමිවෙයි




සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 107 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා. දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලකුණු 284 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 181 ක් පමණයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 272 ක්. තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 376 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 268 කට දැවී ගියා. තරඟය පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදීයි. 

මේ අතර සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 247 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 ක්. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 148 ක් පමණයි. ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 05 ක් දැවී ලකුණු 168 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව නවසීලන්තයට තරඟ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 488 ක්. නමුත් නවසීලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 240 ක් පමණයි.