Wednesday, April 24, 2024

General line - 0115112241

ගතවු දශකයේ වැඩිම එක්දින කඩුලු ලාභියා මාලිංග : තිසර හා රංගන දස්කම් අතරට  




ගතවූ දශකය තුල එක්දින ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩකයා බවට ලසිත් මාලිංග පත්ව තිබෙනවා. ලසිත් මාලිංග එක්දින තරග 162 කදී ඉණිම් 158ක් තුලදී දවා ගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 248ක් වනවා. 

ලසිත් මාලිංග ගතවූ දශකය තුලදී යවා ඇති මුළු පන්දු ඕවර සංඛ්‍යාව 1303.4ක් වන අතර ඔහුගේ හොදම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ කෙන්යාවට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේදී ලකුණු 38 ට කඩුලු 6ක් බිඳ දැමීමයි.

ඉකුත් දශකය තුල එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දුයවන්නන් අතරින් පස්වන තැනට තිසර පෙරේරා පත්ව සිටින අතර ඔහු දවාගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 171ක් වනවා. තිසර පෙරේරා මේ සඳහා තරග 159 ක් ක්‍රීඩා කර ඇති අතර යවා ඇති මුළු පන්දු ඕවර සංඛ්‍යාව 942.5ක් වනවා.

මිට අමතරව ගතවූ දශකය තුලදී ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් පත්ව තිබෙනවා. ඇන්ඩර්සන් ටෙස්ට් තරග 106 ක් තුලදී පන්දු ඕවර 3928ක් යවමින් දවාගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 429ක් වනවා.

ගතවු දශකය තුලදී වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන් අතරට ශ්‍රී ලංකාවේ රංගන හේරත් ද ඇතුලත් වන අතර ඔහු පසුවන්නේ සිව්වෙනි ස්ථානයේයි. එහිදී රංගන හේරත් ටෙස්ට් තරග 73කදී පන්දු ඕවර 3480 ක් යවමින් දවාගත් මුළු කඩුලු සංඛ්‍යාව 363ක් වනවා. 

එක්දින සහ ටෙස්ට් තරග වලදී පන්දු යවන්නන් දැක්වූ දස්කම් පහතින් දැක්වේ :

                                                                               (ODI)

(TEST)