Saturday, April 20, 2024

General line - 0115112241

2020 වර්ෂය පළමුවෙන් උදාවූ රටවල් මෙන්න (VIDEO/PHOTOS)




2020 නව වසර මේ වන විට රටවල් කිහිපයකටම උදාවී තිබෙනවා. නව වසර උදාවූ පළමු රට වන්නේ පැසිෆික් මුහුදු කළාපයේ පිහිටි පොලිනීසියානු දූපතක් වන කිරිබර්ටි වෙතයි. ඉන් පසුව නව වසර උදාවූ රට වන්නේ නවසීලන්තය, ෆිජී දුපත් සහ ඕස්ට්‍රේලියාව වනවා.

නව වසර උදාවීම සමග ලොව රටවල් රැසක ගිනිකෙළි සංදර්ශණ පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. පැතිරෙන ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සුප්‍රකට ගිනිකෙළි සංදර්ශණය අත්හිටුවා තිබෙනවා.

කෙසේ වුවත් නවසිලන්තය නව වසර උදාවත් සමග පැවැත්වූ ගිනිකෙළි සංදර්ශණය විදෙස් මාධ්‍ය තුල වැඩි අවධානයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.