Friday, April 19, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන 'ශ‍්‍රී ලංකා ක්‍රිකට් සංචිතය' ගැන ඇත්ත මෙන්න




තරග 03 කින් සමන්විත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියකට සහභාගීවීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට (02) ඉන්දියාව බලා පිටත්ව යනවා.

කෙසේවෙතත්, ඊට එක්වන ශ‍්‍රී ලංකා සංචිතයට මෙතෙක් කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නැහැ.

බොහෝවිට අද දිනයේදී එම සංචිතය ප‍්‍රකාශයට පත්කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලිපි ශීර්ෂ යටතේ හුවමාරු වන ශ‍්‍රී ලංකා සංචිතය ව්‍යාජ එකක් බව ද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් මාධ්‍ය ඒකකය සඳහන් කළා. 

ඉන්දු - ශ‍්‍රි ලංකා පළමු පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලබන 05 වැනිදා ගුවාටිහිදී පැවැත්වීමට නියමිතයි. දෙවන තරගය ලබන 07 වැනිදා ඉන්දෝර්හිදීත්, 03 වන සහ අවසන් පන්දුවාර 20 තරගය ලබන 09 වැනිදා පූනේහිදීත් පැවැත්වෙනු ඇති.