Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති බලතල වැඩි වෙන නව පනතක්




අගමැති බලතල වැඩි කෙරෙන නව ආරක්ෂක පනතක් සම්මත කිරීමට මැලේසියානු රජය සමත් වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. නව නීතිය මගින් මැලේසියාවේ ඕනෑම ප්‍රදේශයක් දැඩි ආරක්ෂක කලාපයක් ලෙස නම් කිරීමේ බලය අගමැතිවරයාට හිමි වී තිබෙනවා.

නව පනත මගින් මානව හිමිකම්වලට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සීමා පැනවෙනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ අනතුරු ඇඟවීම් නොසලකා හරිමිනුයි මැලේසියානු රජය මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත්තේ.

මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ රට මුහුණ දී සිටින ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට මෙම නව ආරක්ෂක නීතිය අත්‍යවශ්‍ය බවයි.

ඒ යටතේ පොලිසියට සහ ආරක්ෂක අංශවලට අසීමිත බලතල භාවිතා කිරීමට අවසර ලැබෙන අතර ඔවුන් විසින් සිදු කරනු ලබන සියළු ක්‍රියාවන් සඳහා මුක්තිය හිමි වෙන බවද විදෙස් වාර්තා පවසනවා.