Thursday, April 18, 2024

General line - 0115112241

ඉරාන වැසියන් "ට්‍රම්ප් ගේ හිසට" ඩොලර් මිලියන 80 ක ලංසුවක් තබයි 




සිය විප්ලවිය හමුදා නායක ජනරාල් කාසිම් සුලේයිමානි ඉරාකයේ දී ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ඩොලර් මිලියන 80 ක ප්‍රදානයක් ලබා දීමට ඉරානය සුදානම් වනවා. 

ජනරාල් කාසිම් සුලේයිමානි ගේ දේහය ඔහුගේ උපන් ගම්මානය වෙත රැගෙන එන අවස්ථාවේදී එහි රැස්ව සිටි පිරිස් කියා සිටියේ මිලියන 80 ක් වන ඉරාන වැසියන් ගෙන් එක් අයෙකු ඩොලරය බැගින් එකතු කොට ජනාධිපති ට්‍රම්ප් ගේ හිස රැගෙන එන අයෙකුට ලබා දීමට සුදානම් විය යුතු බවයි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ " ඉරානය කිසියම් අයුරකින් අමෙරිකාවට, අමෙරිකාවට අයත් දේපළකට හෝ පුද්ගලයෙකුට හානියක් සිදුකලහොත් අමෙරිකාව කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි. එමෙන්ම තමන්ගේ මෙම ට්විටර් සටහන ඒ සම්බන්ධයෙන් පළකරනු ලබන පෙර දැනුම් දීමක් බවට සලකන්නැයි ඔහු කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දී සිටිනවා" යනුවෙනි.

මේ අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම මගින් පනවා ඇති කිසිදු සීමාවකට තවදුරටත් යටත් නොවන බව ඉරානය නිවේදනය කර සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉරානය කියා සිටියේ සිය න්‍යෂ්ටික බලය සීමා කිරිම සදහා ඒවායේ නිෂ්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොපමුනවන බවයි.

ටෙහෙරානයේ පැවති කැබිනට් හමුවේදි ඊයේ මෙම තිරණය ගෙන තිබෙනවා.

ඉරාන හමුදා ප්‍රධානි ජනරාල් කාසෙම් සුලෙයිමානිව අමෙරිකාව විසින් ඉරාකයේදි ඝාතනය කිරිමත් සමග රටවල් දෙක අතර උණුසුම්කාරි වාතාවරණය තවත් ත්‍රිව වී තිබෙනවා.

මේ අතර ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර 04ක් එල්ල්වි තිබෙනවා. එම මිසයිල ප්‍රහාරයන් අමෙරිකානු තානාපති කාර්යාලය අසලටම පතිත වි ඇති අතර සිදුවිමෙන් කිසිවෙකුටත් හානි සිදුවු බවට මේ දක්වා වාර්තා වී නැහැ.

ඉරානය විසින් දිගින් දිගටම පහර දුනහොත් ඉරානයේ සංස්කෘතික ස්ථාන ඇතුළු ස්ථාන 52ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවෙචන එල්ලවි තිබෙනවා.

සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකල හොත් එය යුධ අපරාධ ගණයට වැටෙන සිදුවිමක් බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සදහන් කරන්නේ.