Friday, March 29, 2024

General line - 0115112241

"අදුරු කාල පරිච්ජේදයක් උදාවෙමින් තිබෙනවා : තමන්ගේ දරුවන්ගේ අවසානය ගැන බලාගෙන සිටින්න" - මියගිය ඉරාන හමුදා නායකයාගේ දියණිය අමෙරිකාවට අනතුරු අඟවයි (PHOTOS)




සිය පියාව ඝාතනය කිරීමට කටයුතු කළ අමෙරිකානුවන් ගෙන් පළිගත යුතු බව ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදී ජිවිතක්ෂයට පත්වූ ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ දියණිය ප්‍රකාශ කර සිටිනවා. ඇය මේ බව කියා සිටියා මියගිය සිය පියාගේ දේහයට ගෞරව දැක්වීමට ඒකරාශී වී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජාතිකයින් අමතමින්ය.

" මැදපෙරදිග සිටින අමෙරිකානු සොල්දාදුවන්ගේ මරණය ඔවුන්ගේ දෙමව්පියන් බලාපොරොත්තුවෙන් සිටින්න. අදුරු පරිච්ජෙදයක ඇරඹුම අමෙරිකාවට උදා වෙමින් තිබෙනවා. මාගේ පියාගේ මරණයත් සමග සියල්ල අවසන් කියා නොසිතන්නයි" ඇය මෙහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරමින් ප්‍රකාශ කර සිටියා.

මේ අවස්ථාවේදී ජනරාල් කාසිම් සුලෙයිමාන්ගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත වැසියන් ප්‍රීති ඝෝෂා නගමින් ඇගේ ප්‍රකාශයට සහය දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සිය හමුදා ප්‍රධානියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි එක්ව සිටියා. ඔහු ජිවිතක්ෂයට පත්වූ හමුදා ජනරාල්වරයාගේ සිරුර අසලටවී හඩමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඉරාන හමුදා ප්‍රධානියා ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය සමග ඇතිවන ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ආරක්ෂක මණ්ඩලය වහා රැස්කරන්නැයි නියෝග කර තිබෙනවා. ඒ ඉරාන හමුදා ප්‍රධානියාට අමෙරිකාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය බ්‍රිතාන්‍ය විසින් සාධාරණිය කරණය කිරීම හේතුවෙන් තම රටට සහ මැදපෙරදිග ස්ථානගත කර සිටින සිය හමුදාවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කොට ඉදිරි පියවර ගැනීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.