Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ආසන්න දුපතකට අමෙරිකානු බෝම්බ හෙලන ගුවන් යානා 06ක් එවයි : ඉරානයට එරෙහිව යුධමය මෙහෙයුමකට සුදානමක්  (PHOTOS)




අමෙරිකාව විසින් සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ඩියෙගෝ ගාර්සියා දුපත වෙත පිටත් කර යවා තිබෙනවා. යුධමය තත්ත්වය ඇතිවුවහොත් ඒ සඳහා වන මෙහෙයුම් සඳහා උපයෝගී කර ගැනීමේ අරමුණින් මෙම යානා ඉන්දීය මුහුදු කලාපයේ ස්ථානගත කිරීමේ අරමුණ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ.

 ඩියෙගෝ ගාර්සියා දුපත ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1925ක් දුරින් පිහිටා තිබෙනවා.

පෙන්ටගන් බලධාරීන් සඳහන් කර සිටියේ මෙම බෝම්බ ප්‍රහාරක යානා ඉන්දියාවේ සාගර කලාපය වෙත පිටත් කර ඒවා ඇත්තේ යම් හෙයකින් ඉරානයට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකිරීමට නියෝග ලැබුනහොත් ඒ සඳහා යොදා ගැනීමේ අරමුණින් බවයි.

අමෙරිකාව විසින් ඉරානයට ආසන්න මැදපෙරදිග රටවල් කිහිපයකම සිය හමුදා කඳවුරු පවත්වා ගෙන යන අතර ඩියෙගෝ ගාර්සියා දුපත වෙතට සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ප්‍රහාර යානා පිටත් කර යවා ඇත්තේ ඉරානයට ඉතා ලෙහෙසියෙන් ඊට පහර දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් බවයි යුධ විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

අමෙරිකාව විසින් එම කලාපයට සිය ප්‍රහාරක යානා පිටත් කර එවූ දෙවන අවස්ථාව මෙය වනවා. ඉකුත් වසරේ මැයි මාසයේදී අමෙරිකාව විසින් කටාර් හි පිහිටි සිය හමුදා කඳවුරු වෙත B-52 ප්‍රහාරක යානා එවනු ලැබුවා.

මේ අතර අමෙරිකානු හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ප්‍රකාශ කිරීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.