Saturday, April 20, 2024

General line - 0115112241

යුක්‍රේන ගුවන් යානය කඩා වැටුනේ වෙඩි ප්‍රහාරයකින් ? : යානය උඩු ගුවනේදී ගිනිගත් අයුරු වීඩියෝ ගත වේ (VIDEO)




ඉරානයේදී කඩා වැටුණු යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානය අනතුරට පත්ව ඇත්තේ එයට වෙඩි ප්‍රහාර එල්ල වීමෙන් බවට සැක මතුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ගුවන් යානය ඉහළ අහසේදී ගිනි ගනිමින් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඉරානයේ BBC වාර්තාකරු විසින් පටිගත කර ගෙන ඇති බවයි.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ඉමාම් කොමෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී මිනිත්තු 03ක කාලයක් තුලදී කඩා වැටීමට ලක්වී ඇත.

ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු 02ක් ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර 15ක් පමණ එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ගුවන් අනතුර සිදුවූ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉරානයේ ගුවන් ආරක්ෂක බලකායේ සෙබළුන් විසින් මෙම මගී ගුවන් යානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නට ඇති බවයි.

ඉරාන බලධාරීන් සඳහන් කරන්නේ ගුවන් නියමුවාට යානයේ එංජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් ඔහුට එය පාලනය කර ගැනීමට නොහැකිව කඩා වැටීමට ලක්ව ඇති බවයි. කෙසේ වුවත් යානයේ එංජිමේ ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් කිසිදු හෙළිදරව් කිරීමක් සිදුකර නොමැත.

මෙම ගුවන් යානයේ කැනඩා ජාතිකයින් 63ක්, ඉරාන ජාතිකයින් 82ක් ඇතුළු යුරෝපා ජාතිකයින් සිටින බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කරන්නේ.