Thursday, April 25, 2024

General line - 0115112241

ඔටුවන් 10,000 ක් ඝාතනයට ඕස්ට්‍රේලියාවෙන් මෙහෙයුමක්




ඕස්ට්‍රේලියාවේ දකුණු දිග කලාපයට බලපා ඇති නියගය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනයට විසඳුමක් ලෙස ඔටුවන් 10,000 ක් පමණ ඝාතනය කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. නියගය බලපා ඇති දකුණු දිග කලාපයේ වෙසෙන ඔටුවන් විශාල වශයෙන් ජලය පානය කරන බැවින් එය වැළැක්වීම සඳහා මෙලෙස එම සතුන් මරා දැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. 

දකුණු දිග ප්‍රදේශයේ වෙසෙන ආදිවාසීන් සිදුකර ඇති ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන ඇති බව ද පැවසෙනවා. ඒ අනුව පුහුණුව ලැබූ විශේෂ තුවක්කුකරුවන් පිරිසක් විසින් හෙලිකොප්ටර් යානා මගින් ගොස් වෙඩි තබා මෙම ඔටුවන් මරා දැමීමටයි සැලසුම් කර ඇත්තේ. එම මෙහෙයුම් අද (08) සිට ආරම්භ කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඇතැම් ඔටුවන් නිවාස වලට ද හානි සිදුකර ඒවායේ ඇති වායුසමීකරණ කඩාදමා ජලය සෙවීමට පවා පුරුදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.