Thursday, March 28, 2024

General line - 0115112241

ඉරානයේ සහය ලබන සන්නද්ධ සෙබළුන් පිරිසකට "අභිරහස් ගුවන් ප්‍රහාරයක්" 




නැගෙනහිර සිරියාවේ මෙහෙයුම් කටයුතුවල නිරතවී සිටින ඉරානයේ සහය ලබන ඉරාකයේ සන්නද්ධ කණ්ඩායමකට නාදුනන ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ප්‍රහාරයෙන් එම සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ, අල්බු අක්මල් ප්‍රදේශයේ පිහිටි ඉරාකයේ Hashed al-Shaabi සන්නද්ධ කණ්ඩායමේ ආයුධ ගබඩා කර තිබු ස්ථානයකට සහ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් නාදුනන ගුවන් යානාවකින් මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා. එයින් එම සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් 08 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව සිරියානු මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණය කරනු ලබන සංවිධානයේ ප්‍රධානි රමී අබ්දෙල් රහ්මාන් ප්‍රකාශ කර සිටියා.

සිරියාවේ සහ ඉරාකයේ මෙහෙයුම් සිදුකරනු අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය හමුදා අණදෙන නිලධාරිවරයා සඳහන් තම ගුවන් යානා එවැනි කිසිදු මෙහෙයුමක් සිදුනොකළ බවයි.

මේ අතර ඉරානයේ ආධාර ලබන සිරියාවේ මෙහෙයුම් හි නිරතවී සිටින සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ඉකුත් දින කිහිපයේදීම ඩ්‍රෝන ප්‍රහාර එල්ලවී ඇති බවයි සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය සඳහන් කරන්නේ.