Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 ක් අත්අඩංගුවට 




කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉකුත් 08 වෙනිදා එම විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම ගැටුමේදී සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මේ වන විට ඉන් එක් සිසුවෙක් කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් 12දෙනා හෙට දිනයේදී කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි පොලිසිය සඳහන් කලේ.

කෙසේ වුවත් මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවක වදය දීමේ සිද්ධියක් මුල් කරගනිමින් සිදුවූ බවක් වාර්තා වන්නේ. සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින සරසවි සිසුවාගේ සුවදුක් බැලීම සඳහා  උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කොළඹ ජාතික රෝහලට ගොස් ඇති බව වාර්තා වනවා.