Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහි අවසන් විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනී




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දීමටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම තවත් නොබෝ වේලාවකින් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමට නියමිතයි. මෙම තරඟය පැවැත්වෙන්නේ පූනේහිදීයි. දෙරට අතර පැවති පළමු තරගය වර්ෂාව නිසා අතහැර දැමුණා. දෙවන තරගය ජයගත්තේ ඉන්දියාවයි.