Tuesday, January 19, 2021

General line - 0115112241

යුක්‍රේන මගී ගුවන් යානය බිම හෙළුවේ තමන් බව ඉරානය පිලිගනි

8304Views



සිය හමුදාවන් විසින් "නොදැනුවත්ව" 
එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් මගීන් 176 දෙනෙක් රැගත් යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කරන්නේ "මිනිස් අත්වැරද්දක්" හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් පැය කිහිපයකට පසුව යුක්‍රේන ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය අනතුරට ලක්විය.

මෙම ගුවන් අනතුර මිසයිල ප්‍රහාරයක් නිසා සිදුවුවක් බවට අමෙරිකාව සහ කැනඩාව බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ප්‍රකාශ කර සිටියත් පසුගිය දින කිහිපය පුරාවට ඉරානය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here