Thursday, March 28, 2024

General line - 0115112241

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත් අඩංගුවට : ගුවන් යානය බිම හෙළූ රජයට එරෙහිව ඉරාන ජනාතාව දැවැන්ත විරෝධතාවයක (PHOTOS)




ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයාව එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉරානයේ ටෙහෙරාන් අගනුවර පැවැත්වෙන විරෝධතාවයක් අතර වාරයේදී බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන ගුවන් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයට බිම හෙළූ ඉරාන රජයට එරෙහිව එරට ජනතාව මේ වන විට දැවැන්ත විරෝධතාවයක් අරඹා තිබෙනවා.

එම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට බ්‍රිතාන්‍ය තානාපතිවරයාව ඉරාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ එම විරෝධතාවය සංවිධානය කිරිම, ඊට සහය දැක්විමේ චෝදනා මතයි.

අත් අඩංගුවට ගනු ලැබු බ්‍රිතාන්‍ය තානාපතිවරයාව පැය 03ක කාලයක් රදවා ගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.

කෙසේ වුවත් ජාත්‍යන්තර නිති උල්ලංඝණය කරමින් බ්‍රිතාන්‍ය තානාපතිවරයාව අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් ඉරානය දැඩි දෝෂ දර්ශණයට ලක්ව සිටිනවා.

සිය හමුදාවන් විසින් නොදැනුවත්ම එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මගීන් 176 දෙනෙක් රැගත් මෙම ගුවන් යානය අනතුරට ලක්වු බවට ඉරාන රජය ඊයේ පළමු වරට පිලිගනු ලැබුවා.

ඉරාන රජය ඒ සම්බන්ධයෙන් නිවේදනය කිරිමත් සමගයි රජයට එරෙහිව මෙම ජනතා විරෝධය ටෙහෙරාන් අගනුවරදි ආරම්භ වුයේ.

ඉරාන ජනතාව විසින් එරට රජයට එරෙහිව අරඹා ඇති විරෝධතාවයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සහය පළකර තිබෙනවා.

"ඉරාන ජනතාව දියත් කර තිබෙන සාමකාමි විරෝධතාවයට මා ඇතුළු මාගේ පාලනය සහයෝගය දක්වනවා. මෙම විරෝධතාකරුවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැඩිව සොයා බැලිය යුතුයි" සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් සදහන් කර තිබෙනවා.