Saturday, April 20, 2024

General line - 0115112241

"පංතියේ ළමයි වැඩ කරන්නැත්නම් මොනිටර් මාරු කරලා වැඩක් නෑ" - මාලිංග




තරගය පරාජයට හේතුව නායකත්වය නම් තමන් විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව ලසිත් මාලිංග පවසනවා. ඉන්දීය කණ්ඩායම හමුවේ ලද විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් අනතුරුව දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා. 

ඉන්දීය සංචාරයේදී ශී‍්‍ර ලංකා පිලේ පසුබෑමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද ලසිත් මාලිංග අදහස් පළ කළා. එහිදී සඳහන් කෙරුණේ "සෑම අංශයක්ම අපි හරියට කරේ නෑ. තනි තනියෙන් ක්‍රීඩකයින් දක්ෂතා අතරට එන්න ඕනේ. මමත් සාර්ථක වුණේ නෑ. මේ තරගාවලියෙදී පන්දු යවන්නෙක් ලෙස බැලුවොත් මමත් අසාර්ථකයි. " යනුවෙනි.

මේ අතර ඉන්දීය කණ්ඩායම හමුවේ ලද විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් පසු ශී‍්‍ර ලංකා පිල විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 8 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා. තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම සටහනේ පසු වුණේ 7 වන ස්ථානයේයි.

ඒ අනුව ශී‍්‍ර ලංකාව පසුකරමින් ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.