Friday, April 26, 2024

General line - 0115112241

රජයට එරෙහි වූ ඉරාන වැසියන්ට අමෙරිකානු ජනපතිගේ සහය




ඉරාන රජයට එරෙහිව එරට වැසියන් ටෙහෙරාන් නුවර දැවැන්ත විරෝධතාවක නිරත වනවා. ඒ, යුකේ‍්‍රන ගුවන් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානය බිම හෙළීමට විරෝධය පළ කරමින්. 

දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවලට එක්ව සිටින අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කදුළු ගෑස් ප‍්‍රහාර ද එල්ල කර ඇතැයි සඳහන්.

පුද්ගලයින් 176 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුරින් දින 03 කට පසු ඉරාන බලධාරීන් පැවසුවේ අත්වැරදීමකින් යානයට පහර දුන් බවයි.

මියගිය පිරිසෙන් බහුතරය ඉරාන ජාතිකයින්. ඉරාන ජනතාව විසින් එරට රජයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතාවයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ද සහය පළකර තිබෙනවා.

මේ අතර, ඉරානයේ සිටින බි‍්‍රතාන්‍ය තානාපතිවරයාද එරට ආරක්ෂක අංශ විසින් විරෝධතා අතරවාරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, එම විරෝධතාවය සංවිධානය කිරිම හා ඊට සහය දැක්විමේ චෝදනා මතයි. අත්අඩංගුවෙන් පැය 03 කට පසු බි‍්‍රතාන්‍ය තානාපතිවරයාව මුදා හැර ඇත්තේ ප‍්‍රශ්න කිරීම්වලින් පසුව බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.