Friday, March 29, 2024

General line - 0115112241

ගිනි කන්දක් සක්‍රිය විමෙන් මැනීලා ගුවන් තොටුපළ වසා දමයි (PHOTOS)




පිලිපීනයේ, මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ "ඨාල්" ගිනි කන්ද සක්‍රිය විමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පීලිපිනයේ ගිනිකදු සහ භුකම්පන පිලිබද වු ආයතනය සදහන් කර සිටියේ ගිනි කන්ද සක්‍රිය විමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9ක් පමණ ඉහල අහසට විහිදි ගොස් ඇති බවයි.

ඇතිවි තිබෙන මෙම තත්ත්වය හේතුවෙන් පිලීපින බලධාරින් විසින් මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.

මෙම ගිනි කන්ද සක්‍රිය විමත් සමග ඒ අවට ජිවත්වු දහස් සංඛ්‍යාත වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යැවිමට එරට බලධාරින් මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා.