Thursday, March 28, 2024

General line - 0115112241

ටාල් ගිනි කන්ද පුපුරා පිලිපීනයම දෙදරයි




සක්‍රීය වී තිබූ පිලිපීනයේ “ටාල්” ගිනි කන්ද අද (13) විධාරණය වුණා. මේ වනවිට ගිනි කන්දෙන් ලාවා ගලායාම ද සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරි පැය කිහිපය තුළ ගිනි කන්දේ දරුණු පිපිරීමක් පිළිබද බලධාරීන් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

ගිනි කන්ද විධාරණයවීමත් සමග භූ කම්පන 72 ක් ද ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව “ටාල්” ගිනි කන්ද ආශ්‍රිත කිලෝමීටර් 14 ක අවදානම් කලාපයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්‍ෂ 50,000 කට අධිකයි. ඉන් 8,000 ක් දැනටමත් ඉවත් කර අවසන්. 

පිලිපීනයේ මැනිලා අගනුවරට කිලෝමීටර් 70 ක් දකුණු දෙසින් වූ බාටාන්ග් ප්‍රාන්තයේ එම ගිනි කන්ද පිහිටා තිබෙනවා. පිලිපීනයේ “ටාල්” ගිනි කන්ද ලොව පිහිටි කුඩාම ගිනි කදුවලින් එකක්. පසුගිය වසර 450 ක කාලය තුළ එම ගිනි කන්දේ පිපිරීම් 34 ක් වාර්තා වී තිබෙනවා.