Friday, April 26, 2024

General line - 0115112241

විජය රජු ලංකාවට පැමිණි බවට පුරාවිද්‍යා සාක්ෂි නෑ




විජය රජු ලංකාවට පැමිණි බවට පුරාවිද්‍යා සාක්ෂි නොමැති බව පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දුන්නේ විජයගේ ලංකා ගමනය සාහිත්‍යමය යථාර්ථයක් වන බවයි. 

මෙරට ඉතිහාසයේ පරමාදර්ශී ලේඛණය මහා වංශය බව අන්තර්ජාතිකව ද මීට ශත වර්ෂ 02කට පමණ පෙර සිට ප‍්‍රචලිතව ඇති බවයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසන්නේ.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කිරීමට හැකියි.