Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇත්තේ ඇමති අනුමැතිය නැතුවයි




තමන් ඇතුළු කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් මේ දක්වා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය හෝ දේශීය මට්ටමකින් විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බව හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක අවිශ්ක ගුණවර්ධන පවසනවා. 2017 වසරේදි පැවැති ටී 10 තරගාවලියේදී සිදුවූ බව කියන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු කී‍්‍රඩකයින් වන නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ද චෝදනාවට ලක්ව සිටිනවා. 

මෙලෙස චෝදනාවට ලක්ව සිටීම නිසා තමන් ඇතුළු මෙම කී‍්‍රඩකයින්ට වෘත්තීමය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට දායකත්වයක් ලබාදිය නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි අවිශ්ක ගුණවර්ධන ප‍්‍රකාශ කළේ.

මෙම තරගාවලිය ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අනුමැතියකින් තොරව පවත්වා ඇති අතර මෙය තනි පුද්ගලයෙකු විසින් සංවිධානය කළ තරගාවලියක් බව ද ඔහු සඳහන් කළා. එවැනි තරගාවලි සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ටීම් ශ‍්‍රී ලංකා නමින් කණ්ඩායමක් සහභාගී කරවීම ද ගැටලූ සහගත බවයි අවිශ්ක ගුණවර්ධන කියා සිටියේ. 

මෙම තරගාවලිය සඳහා එවක කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරගේ ද අනුමැතියකින් තොර ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවයි අවිශ්ක ගුණවර්ධන මෙලෙස වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් කළ විමසීමකදී එවක කී‍්‍රඩා අමාත්‍යවරයාව සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර සඳහන් කළේ එම තරගාවලිය සඳහා සිය අනුමැතියකින් තොරව කණ්ඩායමක් කී‍්‍රඩා කර ඇති බවයි. මේ පිළිබඳ නෙත් ස්පෝට්ස්මන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලි ද සිල්වාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ අදාළ තරගාවලිය සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේදී කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවූ බවයි.