Wednesday, April 24, 2024

General line - 0115112241

රාජිත පැය 3ක ප්‍රකාශයක් ලබා දෙයි : යලි එන්නැයි CIDය දන්වයි   




පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය 03 කට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාට ඇප ලබාදෙමින් අධිකරණය නියෝග කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

දින 19 කට ආසන්න කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ (13) රාත්‍රියේ රෝහලෙන් පිටව ගිය අතර, ඔහු අද දින දහවල් 12.00ට පමණ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

කිසියම් කණ්ඩායමක් විසින් යම් සිදුවීමක් මාධ්‍යය හමුවේ හෙළි කිරීමට අවශ්‍ය වන බැවින් ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස තමන් ගෙන් ඉල්ලා සිටිය බවයි. ඒ අනුව තමන් ඊට සහයෝගය ලබා දුන් බවත් ඔවුන් සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව මෙහිදී මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට නැවත දිනයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි. එම දිනය පසුව දැනුම් දෙන බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයා වෙත සඳහන් කර තිබෙනවා.

..................................................................

රාජිත CIDය හමුවට

(14-01-2020 14:27)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (14) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. නාරාහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දින 18 කට පසු එම රෝහලෙන් පිටව ගියේ ඊයේ රාත්‍රියේයි.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රිමාන්ඞ් භාරයට පත් කෙරුණු හිටපු හිටපු අමාත්‍යවරයාට ඇප ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ රෝහලෙන් පිටවූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.