Friday, April 26, 2024

General line - 0115112241

මාතර, බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස 03 ක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට සැලසුම්




මාතර, බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස 03 ක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට විධිමත් ලෙස පවරා ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර මේවනවිට දුම්රිය ධාවනය සිදුකරමින් තිබුණ ද තවමත් එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත විධිමත් ලෙස පවරා ගෙන නැහැ. ඊට හේතුව දුම්රිය මාර්ග ව්‍යාපෘතියට පරිබාහිරව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල පවතින අඩුපාඩුයි. ඒ අනුව දුම්රිය මාර්ග සමස්ථ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කර ඉදිරි මාස 03 තුළ එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලෙසයි අමාත්‍යවරයා දුම්රිය බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ.