Saturday, April 20, 2024

General line - 0115112241

රන්ජන් අත්අඩංගුවට ගන්න CCDය මාදිවෙල මන්ත්‍රි නිවසට 




නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු මත පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවස වෙත ගොස් තිබෙනවා.

 

................................

රන්ජන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

(14-01-2020 16:54)

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා. 
 

..........................................................

රන්ජන් අත්අඩංගුවට ගන්න : නීතිපති නියෝග කරයි

(14-01-2020 15:10)

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) අනුවගන්ති දෙක යටතේ අධිකරණ විනිශ්චකාරවරුන්ගේ කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙලෙස නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ.