Thursday, March 28, 2024

General line - 0115112241

දිගටම ශ්‍රී ලංකාවට ආයුධ සපයන බව රුසියානු විදේශ ඇමති කියයි 




ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් පවසනවා. අද (14)  පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා මේ බව කියා සිටියා.

දෙදින සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඔහු අද පෙරවරුවේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවුණා. මෙහිදී මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර ද්වීපාර්ශවික වෙළදාම ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලදී රුසියාව සමග එක්ව කටයුතු කිරීම පිළිබදව රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකර සිටියා.

42 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග දිවයිනට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුණ ගැසීමට නියමිතව තිබෙනවා.