Tuesday, April 16, 2024

General line - 0115112241

රාල්මඩු වැවේ ගිලි එකම පවුලේ තිදෙනෙක් ජිවිතක්ෂයට 




වනාතවිල්ලුව, රාල්මඩු වැවේ දිය නෑමට ගිය එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 19 හැවිරිදි දියණිය හා 17 හැවිරිදි පුතුණුවන් බවයි.

දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වූ එම තිදෙනාගේ සිරුරූ මේ වන විට වැවෙන් ගොඩට ගෙන ඇත.