Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය කි‍්‍රකට් ඉතිහාසයේ දරුණුතම එක්දින පරාජයක්




ඉන්දීය කි‍්‍රකට් ඉතිහාසයේ දරුණූතම එක්දින පරාජයක් ඊයේ (14) වාර්තා වුණා. ඒ සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සියළු දෙනා දැවී ලකුණූ 255යි.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙම ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 37යි පන්දු 4කදී කිසිවෙකු නොදැවී වීම විශේෂත්වයක්.

එහිදී ඩෙවිඞ් වෝනර් නොදවී ලකුණු 128ක්ද එරෝන් පින්ච් නොදැවී ලකුණු 110ක්ද රැස් කළා. 

ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 258 සැලකෙන්නේ එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ හඹා ගොස් ජය ලැබූ තරගයක වාර්තාවූ දෙවන වැඩිම ලකුණු සබඳතාව ලෙසයි.

එමෙන්ම ඉන්දියාවට එරෙහිව කිසියම් කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සබඳතාවද මෙය වනවා.

ඉන්දීය කණ්ඩායමක්  ඕස්ටේ‍්‍රලියාව හමුවේ කඩුලූ 10කින් පරාජයට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය වනවා.

එමෙන්ම සිය මව් රටේදීම මෙවැනි දරුණු පරාජයට පත්වු දෙවන අවස්ථාවද මෙය ලෙසටයි සැලකෙන්නේ. එවැනි පරාජයකට ඉන්දීය කණ්ඩායමක් මුහුණ දී ඇත්තේ වසර 15කට පසුව වීමද විශේෂත්වයක්.