Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගේ ඉරණම තීරණය කෙරෙන තීරණය අද




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ඉරණම තීරණය කෙරෙන දෝෂාභියෝගය අද (16) එරට සෙනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සෙනට් සභිකයින් විසින් ප‍්‍රකාශ කරන ඡන්දවලට අනුව ඩොනල්ඩ් ට‍්‍රම්ප් තවදුරටත් ජනාධිපති ධූරයේ රැඳෙන්නේ ද නැතහොත්, ඔහු ජනාධිපති ධූරයයෙන් ඉවත් කෙරෙන්නේ දැයි තීරණය කෙරෙනවා.  

ජනාධිපති ට‍්‍රම්ප්ට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙන ආවේ කොංග‍්‍රස් මණ්ඩලයේ කතානායක මෙන්ම ප‍්‍රබල ඩිමොක‍්‍රටික් පාක්ෂිකා නැන්සි පෙලෝසි. සිය බලතල අනිසි ලෙස භාවිත කිරීම හා කොංග‍්‍රස් මණ්ඩලයේ කටයුතු සඳහා බාධා කිරීම සම්බන්ධයෙන් දෝෂාභියෝගය හරහා ජනාධිපති ට‍්‍රම්ප් වෙත චෝදනා නගා තිබෙනවා.

මෙම දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඉකුත් දා අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය සිය ඡන්දය භාවිතා කරනු ලැබුවා. ඒ අනුවයි දෝෂාභියෝගය අද සෙනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන්නේ. කෙසේවෙතත්, සෙනට් මණ්ඩලයේ බහුතර බලය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට හිමි බැවින් දෝෂාභියෝගය පරාජයට පත්වී ජනාධිපතිවරයා ජය ගනු ඇතැයි විචාරකයින් පවසනවා.