Friday, April 19, 2024

General line - 0115112241

ලෝක මට්ටමේ පදක්කම් 03ක් මව්බිමට දිනා දුන් දිනේෂ්ව අමතක කරලා




ඩුබායිහි ඉකුත් වසරේ පැවැති ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් දිනේෂ් පි‍්‍රයන්ත කී‍්‍රඩකයාට ඊට අදාළ ත්‍යාග මුදල මෙතෙක් ලබාදී නොමැති බව නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණා. 

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී පදක්කම් දිනූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඉකුත් දා මුදල් ත්‍යාග පිරිනැමුන ද ලෝක මට්ටමේ පදක්කමක් දිනූ මෙම කී‍්‍රඩකයාට අදාළ ත්‍යාග මුදල මෙතෙක් ලබා නොදීම ඔහුට කෙරුණු නොසලකා හැරීමක් බවයි ජාතික පැරා ඔලිම්පික් කමිටුව පැවසුවේ.

මෙම කී‍්‍රඩකයාට අදාළ මුදල් ත්‍යාග ලබාදීමට මෙලෙස කල්මැරීම සම්බන්ධයෙන් ජාතික පැරා ඔලිම්පික් කමිටුව සිය අප‍්‍රසාදය ද පළ කළා. 

නෙත් ස්පෝට්ස්මන් මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගලගෙන් ද විමසීමක් කළ අතර ඔහු පැවසුවේ අදාළ කී‍්‍රඩකයාට හිමි මුදල් ත්‍යාගය ලබාදීමට මේවනවිටත් කටයුතු සලසා ඇති බවයි.

ඉදිරියේදී අදාළ මුදල් ත්‍යාගය ඔහුට ලබාදීමට කටයුතු කරන බව ද කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරාය පැවසුවා.

දිනේ්ෂ් පි‍්‍රයන්ත, ආබාධයට ලක්වූයේ යුද හමුදා සෙබළෙකු ලෙස කි‍්‍රයාන්විතයේ යෙදී සිටියදී 2008 වසරේදීයි. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝක මට්ටමේ පදක්කම් 03 ක් දිනා දීමට ඔහු සමත්වී තිබෙනවා.