Friday, April 26, 2024

General line - 0115112241

තීරණාත්මක එජාප රැස්වීම ඇරඹීමට සුදානම් 




නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. එම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව අද දිනයේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටියා.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා වසර 26 ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනු ලබනවා.