Wednesday, April 24, 2024

General line - 0115112241

දැරියක් දුෂණය කළ සාරුවා සුනිල්ට 15 වසරක සිර දඬුවම් 




බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදිකරුවූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල් ලියනගේ නමැත්තාට එම චෝදනාවට වරදකරු කරමින් 15 වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (17) නියම කරනු ලැබුවා.

2012 වර්ෂයේ මැයි මස 23 වෙනිදා සහ ජුලි මස 02 වෙනිදා අතර කාලයේදී අකුරැස්ස ප්‍රදේශයේ අවහන්හලක් තුලදී බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට නීතිපතිවරයා විසින් සාරුවා සුනිල් ලියනගේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් සැකකරුට 15 වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා දුෂණයට ලක්වූ දැරියට වන්දියක් ලෙස රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් ගෙවන ලෙස නියම කළා.

ඊට අමතරව සැකකරුට රුපියල් 25,000ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා පනවනු ලැබුවා.