Saturday, April 20, 2024

General line - 0115112241

ස්තී‍්‍ර දූෂකයින් හා ත‍්‍රස්තවාදින් යන දෙපිරිසම  බියගුල්ලන් - සුබ‍්‍රමනියම් ස්වාමි




ස්තී‍්‍ර දූෂකයින් සහ ත‍්‍රස්තවාදින් යන දෙපිරිසම  බියගුල්ලන් බව ප‍්‍රබල ඉන්දිය දේශපාලඥයෙකු වන සුබ‍්‍රමනියම් ස්වාමි පවසනවා.

ඔවුන් දෙපිරිසම ආරක්ෂාවක් සහ පිළිසරණක් නොමැති අහිංසක පුද්ගලයින් සිය ග‍්‍රහණයට ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුව ඔවුන් නීතියේ රැහැනට හසුවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගතහොත් නඩු විභාගයක් සිදු කලහොත් සහ මරණ දඩුවම නියම කලහොත් එහිදි ඔවුන් අනුකම්පාව ඉල්ලා වැද වැටෙනා බවයි සුබ‍්‍රමනියම් ස්වාමි පවසනේනේ.

එය ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කල පුද්ගලයින්ට සහ නවදිල්ලි නුවරදි වෛද්‍ය ශිෂ්‍යාවක් අතිශය අමානුෂික අයුරින් දුෂණයට ලක් කර මරා දැමු පුද්ගල කණ්ඩායම යන දෙපිරිසටම සිදු වු බවයි  සුබ‍්‍රමනියම් ස්වාමි පෙන්වා දෙන්නේ.

ඔහු ඒ බව පැවසුවේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.ඉන්දියාවේ ලාබාලතම අග‍්‍රාමාත්‍යවරයා බවට පත් වෙමින් 1984 වසරේදි රජිව් ගාන්ධි අගමැති ධුරය භාර ගත්තා.

වසර 5 ක් පුරා අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ ඔහු මියගියේ 1991 වසරේදි තුවක්කුකරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වයි.

නිර්භයා යනු 2012 වසරේ අගභාගයේදි ඉන්දියාවේ නවදිල්ලි නුවරදි සිය පෙම්වතා සමග ගමන් කරමින් සිටි බස් රථය තුළදිම අමානුෂික ලෙස සමූහ දුෂණයට ලක් වු වෛද්‍ය ශිෂ්‍යාව වනවා.

ඇයගේ මරණය ලොවම කම්පාවට පත්කල  අතර බාලවයස්කරුවෙකු හැර සිද්ධියට සම්බන්ධව වරදකරුවන් වු සියලූ දෙනා ලබන 22 වනදා එල්ලා මැරිමට නියමිතයි.