Thursday, April 18, 2024

General line - 0115112241

මැණික් ගඟේ නිරුවතින් දිය නෑ පිරිසක් අත්අඩංගුවට - සිද්ධිය ගැටුමක් දක්වා දුරදිය යයි




කතරගම, මැණික් ගඟේ නිරුවතින් දියනාමින් සිටි පුද්ගලයින් 34 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිසෙන් බොහොමයක් බීමත්ව සිට ඇති බවයි සිදු කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පිරිස කතරගම නවාතැන් පොලක සිට මැණික් ගඟේ දියනෑම සඳහා පැමිණ තිබෙනවා. ඔවුන් නිරුවතින් මැණික් ගඟේ දියනෑම සිදුකර ඇති අතර පසුව ඊට ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධයක් එල්ල කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව මෙම දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. එම ගැටුමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මැණික් ගඟේ නිරුවතින් දිය නා ඇත්තේ හංවැල්ල සහ පාදුක්ක ප‍්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් පිරිසක්. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 34 දෙනා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.