Thursday, March 28, 2024

General line - 0115112241

චීනයේ සංචාරය කරන ශී‍්‍ර ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක්




චීනයේ සංචාරය කරන ශී‍්‍ර ලාංකිකයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, චීනයේ පැතිර යන හදුනා නොගත් වෛරස් රෝගී තත්ත්වයක් හේතුවෙන්. 

නව කොරෝනා වෛරසයක් බවට සැක පලවෙමින් චීනය තුල පැතිර යමින් ඇති අභිරහස් වෛරසය සදහා ගොදුරු වී ඇති පිරිස බලධාරින් විසින් අනාවරණය කර ඇති පිරිසට සාපේක්ෂව ඉහල අගයක් ගන්නා බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත්තේ. 

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම තත්ත්වය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන දැනුම්දීම් පිළිබදව අවදානයෙන් පසු වන බවයි. 

මේ පිළිබද දැඩි සැලකිල්ලකින් පසුවන බවත් එවැනි අවදානම් තත්ත්වයක් මතුවුවහොත් ඊට කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. 

මේ වනවිට සිදුකර ඇති පර්යේෂනවලට අනුව වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එහෙත් එලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1700 ක් පමන විය හැකි බව විද්‍යාඥයින් සදහන් කළා. 

අදාල වෛරසයෙන් මේ වනවිට චීනයේ උහාන් ප‍්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසය පැතිර පවතින්නේද උහාන් ප‍්‍රාන්තය තුලයි. 

ඒ හමුවේ සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍ය චීනයේ උහාන් ප‍්‍රදේශයේ සිට පැමිණෙන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බව සදහන්. 

චීනයේ සංචාරය කරන්නේ නම් සැලකිලිමත් වන්නැයි අමෙරිකාවද ඊයේ එරට ප‍්‍රජාවට දැනුම් දුන්නා. 

එසේම ප‍්‍රධාන අමෙරිකානු ගුවන් තොටුපල 3 කදි චීන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙනවා.

ජපානය තායිලන්තය යන රටවලින්ද කොරෝනා වෛරස් ආසාධිතයෙකු බැගින් හමුවී තිබෙනවා. එමෙන්ම ඉන්දියාවද චීනයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස සිය වැසියන්ට අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.

වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියානු රටවලට අනතුරු අඟවා ඇත්තේ.