Saturday, February 22, 2020
Hotline - 0770586666

රාත්තල් 560ක් බර "ජබ්බා ජිහාඩි" අත්අඩංගුවට (PHOTO)

4460Views




 

ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ පුජකවරෙයක් බව කියන කිලෝග්‍රෑම් 250ක බරකින් යුත් "ජබ්බා ද ජිහාඩි" නම් සැකකරුව ඉරාකයේ විශේෂ ප්‍රහාරක බලකාය විසින් මොසුල් හි පිහිටි නිවසක් තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කලේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුව පොලිස් රථයක අසුන් ගැන්වීමට නොහැකි තරම් විශාල වීම නිසා ඔහුව පික්අප් රථයක පසුපස කොටසේ නංවාගෙන රැගෙන යාමට සිදුවු බවයි.

ISIS සංවිධානයට පක්ෂ පාතිත්වය නොදක්වන ඉස්ලාමිය පුජකයින් ඝාතනය කිරීමට අණ දීම, තරුණියන් දුෂණය කිරීම සහ පසුව ඔවුන් ලිංගික වහලියන් ලෙස විකිනීමට අණදීම මොහු විසින් සිදුකර ඇති බවයි ඉරාක ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.