Saturday, April 20, 2024

General line - 0115112241

හැරී සහ මේගන් යුවලගේ රාජකීය නාමය ඉවතට




හැරී සහ මේගන් යුවල රාජකීය නාමය තවදුරටත් භාවිත නොකරන බවත් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් මහජන මුදල් ලබා දීමක් සිදු නොකරන බව බංකින්හැම් මාළිගාව නිවේදනය කර සිටිනවා.

මේ අතර හැරි සහ මේගන් යුවළ තවදුරටත් බ්‍රිතාන්‍ය මහ රැජිණ නියෝජනය නොකරන බව ද බංකින්හැම් මාලිගාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් ඔවුන්ගේ  Frogmore හි නිවස අලුත්වැඩියා කිරිමට වියදම් කළ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2.4ක මහජන මුදල යලි පියවිමට ඔවුන් අදහස් කරන බවයි බංකින්හැම් මාලිගාව සදහන් කර සිටිනවා.

හැරී සහ මේගන් යුවළ සමග දෙවන එලිසබෙත් මහ රැජින සිදුකළ සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණ වෙත එළඹී බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ