Thursday, April 18, 2024

General line - 0115112241

විදෙස් රටක හිටපු ජනපතිවරයෙකුගේ දියණියක් කළ දැවැන්ත සූරාකෑමක් ගැන තොරතුරු




අප‍්‍රිකාවේ ධනවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි ඉසබෙල් ඩොස් සැන්ටෝස් සිය වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ අනාවරණය වීමත් සමග එම කලාපය තුළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ රහසිගත ලේඛණ කිහිපයක් පිටවීමෙන් මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඇන්ගෝලානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වන ඉසබෙල් ඩොස් සැන්ටෝස් මෙලෙස ධනවත් වී ඇත්තේ සිට රටේ ඉන්ධන, දියමන්ති සූරාකෑමෙන් සහ වෙනත් ගනුදෙනු වලින් ඉපයූ ලාභවලින් බවයි එම වාර්තා අනාවරණ කර ඇත්තේ.

සිය පියා වන ජෝස් සැන්ටෝස් ඇන්ගෝලාවේ ජනාධිපතිවරයාව සිටි සමයේ ඇය මෙලෙස ස්වභාවික සම්පත් සූරා කෑමට ලක් කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් තමන්ට එල්ල වන චෝදනා ඉසබෙල් ඩොස් සැන්ටෝස් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.